අකුරට සෙට් වෙන්න

Sunday, March 4, 2012

බුලු ෆිල්ම් නෙවෙයි සර් කාර්ටූන් දෙයියෝ



ම් ම් ම්.... මේක සිද්ද වෙන්නේ ඉස්කොලේ 9 වසරෙදි වෙච්ච මෙව්ව එකක් තමයි අද මම කියන්න යන්නේ...ඔන්න ඔය දන්නේ නැත්ද ඉතින් මිශ්‍ර පාසල් උනාම ඔය සීන් කෝර්න් තියෙන එක සාමාන්ය දෙයක්නේ.....පෙන් ඩ්‍රයිව්ස් එහෙම එච්චර ප්‍රසිද්ද නැති කාලේ ඉතින් හැම මගුලකටම සි ඩී එකනේ ඉතින්.....ඔය කාලේ ඉතින් සමහර වැඩිහිටියෝ සීඩී එකක් අතේ තියන් හිටියත් හිතන්නේ වෙන වෙන මගුල්නේ.....


එක සැරේ ඉස්කෝලේ සැර ගුරුවරු පන්තියට පැනල ඔඩිට් එකෙන් වගේ චෙක් කරනවා සීඩී , ඉලව් ලෙටැර් අනන් මනන්....ලොකු සීන් ඉතින්....


ඉතින් සාමාන්යෙන් ගොඩක් එව්වට මාට්ටු වෙන එකෙක් තමා අපේ පන්තියේ හිටපු නන්දනයා....(නරියා) ඉතින් පොරගේ බැග් එක අදිනකොට සර් ට මාට්ටු උනා සීඩී එකක්....ආහ් මොනාද මේකේ තියෙන්නේ සර් ඇහුවා......පොර කැ ගහලා කෙල්ලොත් ඉන්න තැන කිව්වා සර් බ්ලු ෆිල්ම් එකක් නෙවෙයි සර් කාර්ටූන් එකක් කියල..කෙල්ලොත් මොකුත් නොදන්න අම්මන්ඩිලා ටික වගේ කට වහගෙන හිකි හිකිය....සර් ට පැන්න මල 6 පහරක් ලෙස නරියාගේ කම්මුල මත පතිත උනා...


පසු වදන්- නරියා බොරු කියලා නැ...එකේ කාර්ටූන් එකක් ලු තිබිලා තියෙන්නේ..සර් ඌට ඒක ගෙනල්ලා දුන්නා...

Monday, February 20, 2012

ඇගේ ඇති කැත හිත පුතේ ඒ මරගන

නා දල්ල පරදන 
තොලේ ඇති රතුපාට........
කරකවන නෙත් යුගල............
ඇස ගැටෙන මායාව...............
ඇගේ ඇති කැත හිත....
පුතේ ඒ මරගන............

මවක මහිම



උපන්නට පෙර මැනිකක් රකින 
නා රජෙකු මෙන්................
දස මසක් කුස දැරූ 
සෙනෙහස............................
නුබෙන් මෙන් ලබන්නට 
මෙලොව කෙනෙකු නැත වෙන...........

කතා කරන ඇස්


මුවින් නොකියන............
දහසක් දැ කියන.................... 
නුඹේ නිල් නෙත් යුගල...................

ලව් කරන්නට යන්නේ නැතිව...



දැන් දරුවනේ ඔබලාට රූප සටහන තුලින් ගම්ය වන්නේ ආදරය කෙතරම්


 සන්කීර්නද යන්නය...මේ තුලින් මා හට ඔබලාට දිය හැකි ආදර්ශය 


වනුයේ...


       ලව් කරන්නට යන්නේ නැතිව...


                 දෙන දෙයක් කා..බොන දෙයක් බී.....


                            ගේමක් ගසා කාර්ටූනයක් බලා.......


                                                     නිදා ගන්න යන්නය....


උපුටා ගැනීම් - ෆේස් බුකියෙන් ගත් පින්තූරයකි

Thursday, February 16, 2012

දුවට බඩ යනවා සර්......





ඔන්න මේකත් අසේල සර් ගේ කතන්දරයක්ම තමයි...


සර් ගේ තවත් නීතියක් තමයි ඔන්න ලමයෙක් පන්ති ආවේ නැති උනාම බාරකාරයෝ..ඒ කියන්නේ වෙන කාවත් නෙවෙයි..අම්මා තාත්තා කතා කරල කියන්න ඕනි ඇයි තමන්ගේ කොල්ලා කෙල්ල අද ක්ලාස් ආවේ නැත්තේ කියලා....හැබැයි ඒක කියන්න ඕනි ඒ අදාල පන්තිය පැවැත්වෙන වෙලාවේදි පමනයි...ඊට පස්සේ ගත්තම පොරගේ මල අතේ.....


ඔන්න අපේ පන්තිය වේලාවේ සර් ට කෝල් එකක් එනවා...


සර්- හෙලෝ....කව්ද?


කෝලර්- සර් මම මේ XXXX දුවගේ අම්මා කතා කරන්නේ.....13 වසරේ ගෘප් ක්ලාස් එකේ....
(අපි 12 එතකොට...ඊට කලින් පන්තියේ අක්කා කෙනෙක් ගේ අම්මා කෙනෙක් තමා දැන් මේ කතා කරන්නේ


ඔව් ඉතින්.....


සර් මේ දුවට ක්ලාස් එන්න බැරි උනේ මේ ලූස් මෝශන් එකක් හින්දා...


ආහ් එහෙමද?? එහෙනම් අම්මයි දුවයි දෙන්නම කොන්ඩ කැවුමක් අනිත් පැත්ත හරවලා ගිලින්න..


දුරකතනය විසන්දි වේ


(දැන්වත් සර් ලව්ඩ් ස්පීකර්ස් දාන්නේ නැතුව කතා කරනවද දන්නේ නැ...)

Wednesday, February 15, 2012

අද ඇයට හෙට ?? ඔබ විය හැකියි.....





මේ අක්කා පිලිකාවකින් පෙලෙනවලු...ඇය ගේ රෝගී තත්වය පිලිබදව ඇති බ්ලොග් අඩවි කිහිපයක් මම පහලින් දක්වල තියෙනවා...ඔබට හැකි පමනින් ඇයත් උදව් කරන්න....ජීවිතේ තමන් හොද වැඩක් කලා කියල සතුටු වෙන්න පුලුවන් වෙයි යාලුවනේ..ඒ වගේම මම ඉල්ලා සිටිනවා....ඔබ සියලු දෙනාගෙම බ්ලොග් අඩවි තුල ඇය වෙනුවෙන් ඉඩක් වෙන් කරන ලෙස..ස්තුති...


අපේ සෙට් එක ,දේව් ගේ අඩවිය


පසු වදන්..-
((මේ විදිහට ලින්ක් දාන්න අවසර ගන්න ඔනිද දන්නෙත් නැ සහෝ...ඒත්...ජීවිතයක් නේ...මම ඇයව දන්නේ නැති උනත්...අද ඇයට හෙට අපිට විය හැකි නේද??))

fb Comments box